July 25, 2026

මාතර – තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ මෝටර් සයිකලයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු රෝහල්ගත කර ඇත.

තවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයන් 11 දෙනෙකු සහ කාන්තාවන් අටදෙනෙකු සිටින බව පොලිසිය පැවසීය.

තිස්සමහාරාමයේ සිට මාතර දෙසට ධාවනය වූ බස් රථය මෝටර් සයිකලයේ ගැටී, පසුව මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇත්තේ වීරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේදීය.

තවාලකරුවන් දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ අතුරින් බරපතල තත්ත්වයේ පසුප්‍ර වූ පුද්ගලයන් සිව්දෙනකු පසුව හම්බන්තොට මහරෝහල වෙත මාරුකර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.