
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් අනිද්දා සිට දෙදින වැඩවර්ජනයක් කැඳවා තිබේ.
ඒ, රජයේ දීප ව්‍යාප්ත සේවාවලට සහ සමාන්තර දෙපාර්තමේන්තුගත සේවාවලට අයත් විධායක නිලධාරීන් හට බලපා ඇති වැටුප් හා දීමනා විෂමතාවය ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට මේ දක්වා රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළකරමිනි.
ඒ අනුව, අදාළ වැඩවර්ජනය ජූනි මස 25 සහ 26 යන දෙදින කැඳවා ඇති බව ද රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.
වැඩවර්ජනයට සමගාමීව පහත සඳහන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා එළඹෙන බව ද එම කමිටුව පවසයි.
1. 25 සහ 26 යන දෙදින අසනීප නිවාඩු වාර්තා කරමින් සියලුම විධායක නිලධාරීන් සේවයට වාර්තා නොකිරීම.
2. 25 වැනි දින කොළඹදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීම.
3. 27 වැනි දින සිට රජයේ සියලුම විධායක නිලධාරීන් අස්වැසුම, කඳුකර දශකය, කෘෂිකාර්මික නවෝදය, උරුමය හා විමධ්‍යගත අරමුදල්වලින් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් ව්‍යාපෘති ඇතුළු සියලුම ව්‍යාපෘති හා වැඩසටහන්වලින් ඉවත්වීම.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා මුදල් අමාත්‍යංශය, මහා භාණ්ඩාගාරය ඇතුලු සියලුම අමාත්‍යංශය, රාජ්‍ය දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන ඒකකවලට අයත් 18000 කට අධික සියලු විධායක නිලධාරීන් එක්වීමට තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart