March 14, 2024

චීන හමුදා ප්‍රතිපාදන යෝජනා ක්‍රමය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබූ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ විශේෂ උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenhong), ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මාර්තු මස 13) පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කර තිබේ.

තානාපතිවරයා සහ ජෙනරල් කමල් ගුණරත්න විසින් උපකරණ පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන සඳහා අත්සන් තැබිණි.

පුපුරන ද්‍රව්‍ය හඳුනාගනිමින් ඒවා විනාශ කිරීමේ හැකියාවක් ඇති REOD 4000 නමැති රෝබෝ යන්ත්‍ර 18 ක් (REOD 4000 Explosive Ordnance Disposal medium robots), පුපුරන ද්‍රව්‍යයක් යම්කිසි ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා රැගෙන යෑමේ විශේෂ හැකියාවක් ඇති රථ 18 ක් ( REOD 400 Explosive Ordnance Disposal robots), පුපුරන ද්‍රව්‍ය වලින් ආරක්‍ෂා වීමේ සුවිශේෂී හැකියාවක් ඇති කබා 10 ක් (ten Anti Explosive Blankets), පුපුරන ද්‍රව්‍ය වලින් ආරක්‍ෂා වීමේ සුවිශේෂී හැකියාවක් ඇති මධ්‍යම ප්‍රමාණයේ රථ 10ක් (Explotion Protection Tanks) සහ පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ තොගයක් මෙහිදී තානාපතිවරයා විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත පරිත්‍යාග කර ඇති අතර, ආරක්‍ෂක ලේකම්වරයා විසින් එම උපකරණ තොගය යුද්ධ හමුදාධිපතිවරයා වෙත පිරිනමා ඇත.