
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙට්‍රල්, ඩීසල් සහ විදුලිය ඇතුළු සියලුම බලශක්ති නිෂ්පාදන සඳහාද ලබන ජනවාරි මාසයේ සිට 18%ක වැට් (VAT) බද්ද අයකෙරෙනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
ඊට හේතුවී ඇත්තේ ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනාවලියෙන් සෞඛ්‍යය, අධ්‍යාපනය සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් හැර අනෙකුත් සියලුම භාණ්ඩ සඳහා වැට් බදු අයකිරීමට සැලසුම් කර තිබීමයි.
“සෞඛ්‍යය, අධ්‍යාපනය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් හැර අනෙකුත් සියලුම වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීමත් සමඟ 2024 ජනවාරි මාසයේදී වැට් බදු අනුපාතය සියයට 18 දක්වා ඉහළ යනු ඇත” යැයි අයවැය කතාවේ සඳහන් වේ.
මේ වන විට, පෙට්‍රල්, ඩීසල් සහ විදුලිය මත, එනම් බලශක්ති සහ බලශක්ති නිෂ්පාදන සඳහා වැට් බද්ද අදාළ නොවේ.
යෝජිත වැට් බද්ද ඉවත් කිරීමත් සමඟ ඉන්ධන සහ විදුලිය සඳහා වැට් බද්ද අය කිරීම සම්බන්ධයෙන් කළ ‘Daily Mirror’ සිදුකර ඇති විමසීමකදී මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල් පවසා ඇත්තේ, 2024 අයවැය තවමත් පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිත බැවින් ඒ පිළිබඳව අදහස් දැක්වීම සුදුසු නොවන බවයි.
එය සම්මත කිරීමේ කාරක සභා අවස්ථාවේදී වෙනස්කම් සිදුවිය හැකි බව ඔහු පෙන්වාදී ඇත.
අයවැයට පෙර කැබිනට් මණ්ඩලය විසින් සියයට 03ක වැට් බද්ද 2024 ජනවාරි 01 වැනිදා සිට සියයට 18 දක්වා ඉහළ නැංවීමට අනුමැතිය ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart