
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2018 වර්ෂයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා අත්තිකාරම් මුදලක් ලෙස ගෙවූ රුපියල් කෝටි එකසිය හැත්තෑ පහකට ආසන්න මුදලකින් මේ වනතෙක් කිසිදු ප්‍රයෝජනයක් ලැබී නොමැති බව විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.
ජාතික විගණන කාර්යාලය පෙන්වාදෙන්නේ අදාළ කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය අදියර 3 කින් ක්‍රියාත්මක වූ අතර තුන්වැනි අදියරේදී එම මුදල් ගනුදෙනුව සිදුව ඇති බවයි.
එහිදී පළමු සහ දෙවන පියවර යටතේ සිදුකළ කිරි ගවයන් ආනයනය පිළිබඳ නිකුත් කළ විගණන වාර්තා සැළකිල්ලට ගැනීමෙන් තොරව සහ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ආනයන සඳහා ඇනවුම් ලබා දී තිබේ.
ඕස්ට්‍රේලියාවේ වෙලාර්ට් රූරල් එක්ස්පෝර්ට් සමාගමෙන් අදාළ කිරි ගවයන් ආනයනය කිරීමට යෝජනා වී තිබූ අතර ආනයනයට සැලසුම් කර තිබූ කිරි ගවයන් සංඛ්‍යාව 2,500ක්
කෙසේවෙතත් අදාළ සැලසුම ඉක්මවා කිරි ගවයන් පහළොස් දහසක් ආනයනය කිරීමට එවක ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව කිරි ගවයන් පහළොස්දෙනෙකුට අදාළව මුළු කොන්ත්‍රාත් වටිනාකමින් සියයට විස්සක අතිකාරම් මුදල හෙවත් රුපියල් කෝටි 174.9ක මුදල ගෙවා ඇතැයි විගණන වාර්තාවේ සඳහන්.
විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2025 වසරේ පෙබරවාරි වන තෙක් අදාළ ගනුදෙනුවෙන් ලද කිසිදු ප්‍රයෝජනයක් වාර්තා නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart