
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීරව යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයන් 17 දෙනකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදුකරන ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් පළවාහැරීමේ මෙහෙයුමක් පෙරේදා (13) නවික හමුදාව සිදුකර ඇති අතර එහිදී මෙම ධීවරයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ධීවරයන් 17 ගෙන් 08 දෙනකු රාමේෂ්වරම් සහ තංගචිමඩම් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 22 – 46 වයස් වල අතර පසුවන පුද්ගලයන් වේ .
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වසරේ ඉන්දීය ධීවරයින් 110 දෙනෙක් සහ ඉන්දීය ධීවර යාත්‍රා 17ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, තමිල්නාඩු මහඇමැති එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ, ධීවරයන් නිදහස් කරගැනීම සඳහා ශ්‍රි ලංකා රජය සමග සාකච්ඡා කරන ලෙසයි.
මේ අතර, රාමේෂ්වරම් එමරල්ඩ් ධීවර සංගම් ප්‍රධානියා චෝදනා කර ඇත්තේ, ධීවරයන් මුදාහැරීමට කටයුතු කරන නමුත් පසුගිය වසර දෙක තුළ අත්අඩංගුවට ගත් බෝට්ටු නැවත ලබා ගැනීමට කිසිදු පියවරක් නොගැනීම නිසා බෝට්ටු හිමියන් විශාල ණය බරකට මුහුණදී සිටින අතර ධීවරයින්ට රැකියාවක් නොමැතිව සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart