February 26, 2026

ඇල්පිටියේ පෞද්ගලික පාසලක සිසුන් රැසක් අසාත්මිකතාවයකට ලක්වී අද(26) ඇල්පිටිය රෝහලට ඇතුලත් කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.

මෙසේ අසාත්මිකතාවයට පත්වූ සිසු,සිසුවියන් දහසයදෙනකු රෝහල්ගත කළ බව ද පොලීසිය කියයි.

සමේ කැසීමේ අසාත්මිකතාවයකින් මේ සිසුන් පෙළීම නිසා රෝහල්ගත කළ බවද පොලීසිය කියයි.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද පොලීසිය සඳහන් කරයි.

එම විදුහලේ එකම ශාලාවේ පවත්වාගෙන ගිය පන්ති තුනක සිසුන් මේ අසාත්මිකතාවයට ගොදුරුවී ඇති බවත්, මේ සිසුන්ගේ සිරුරුවල යම් සතකු හෝ විෂ ද්‍රව්‍යක් ගෑවීම නිසා මේ ආසාදනය වන්නට ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.(ලංකාදීප)