
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කසරගෝඩ් දිස්ත්‍රික්කයේ කෝවිලක ඊයේ රාත්‍රියේ ගිනිකෙළි සංදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා පවසයි.
කෝවිල් පරිශ්‍රයේ රැස්ව සිටි ජනතාව ආරක්ෂා වෙනුවෙන් දිවයන අවස්ථාවේදී ද ගිනිකෙළි දැල්වීයෑම හේතුවෙන් විශාල ගින්නක් සහ දුම් වලාවක් හටගත් අයුරු දැක්වෙන වීඩියෝපට ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
උතුරු මලබාර් කලාපයේ උත්සව සමයේ ආරම්භය සැමරීමේදී අංජූතම්බලම් වීරර්කාව්හිදී මෙම අනතුර සිදුව තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේ ගිනිකෙළි සංදර්ශනයක් පැවැති බවයි.
එහිදී රතිඤ්ඤා ගබඩා කර තිබූ තාවකාලික ඉදිකිරීමක් අසලට රතිඤ්ඤා කූරක් වැටීමෙන් එම ස්ථානයේ ගින්න හටගන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ගින්නත් සමග විහිදුණු ගිනිදැල් සහ දුමාරය මෙන්ම පිපිරීම් හේතුවෙන් රැස්ව සිටි පිරිස කම්පනයට පත්ව ඇති අතර ඇතැමුන් දිවගොස් තිබේ.
ගින්න හා පිපිරීම් සිදුවූ තාවකාලික ඉදිකිරීම අසල බොහෝ පිරිසක් රැස්ව සිටි බැවින් ඔවුන්ට දිවයෑමට නොහැකි වූ බව ද සිද්ධිය ඇසින් දුටුවන් සන්දහ්යන් කර ඇත.
පිළිස්සුම් තුවාල ලබාසිටි පිරිස් කඩිනමින් රෝහල් වෙත රැගෙන යෑමට කටයුතු කර තිබේ.
ඇතැමුන් පවසන්නේ චීන රතිඤ්ඤා රැසක් තාවකාලික ඉදිකිරීම තුළ ගබඩා කර තිබූ බවයි.
උත්සව සංවිධායකයන්ගේ අපරික්ෂකාරී බව අනතුරට හේතුව බවට චෝදනා එල්ල වේ.
ගිනිකෙළි ගබඩා කර තිබූ ස්ථානය ආසන්නයේ ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම අනතුරට හේතුව බව ද ඇතැමුන් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart