
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) හරහා ලැබුණු බුද්ධි තොරතුරු අනුව සියෙරා ලියොන් හි ජාවාරම්කරුවන්ට හසුව සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් 15 දෙනෙක් පොලිස් විශේෂ මෙහෙයුමකදී බේරාගෙන තිබේ.
මොවුන් මිනිස් ජාවාරම්වලට ගොදුරු වූ බවට සැකකෙරෙන බව පොලිසිය සඳහන් කරයි.
මිනිස් ජාවාරමට සහ සංක්‍රමණික ජාවාරමට එරෙහිව AFRIPOL සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී ලොව විවධ රටවල 1,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර,ජාවාරමට ගොදුරුවූ තවත් දහස් ගණනක් අනාවරණය කර ගෙන ඇති බව ඉන්ටර්පෝල් නිකුත් කළ නිවේදනයෙහි සඳහන් කර ඇත.
මේ අතර, ලෝමේ හි පිහිටි හෝටලයක් වැටලීමේදී ටෝගෝ බලධාරීන් විසින් නයිජීරියාවේ ලිංගික සේවය සඳහා බඳවාගත් තවත් 30 දෙනකු බේරාගෙන තිබේ.
මෙසේ අනාවරණය වී ඇති බොහෝ සිද්ධීන්ට විශේෂයෙන් බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාවෙන් වින්දිතයන් සම්බන්ධ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart