
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටින් දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු පමණ සහ ඒ ආශ්රිත මරණ තුනක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතික පිළිකා පාලන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම පැවසුවේ, 2022 දී කාන්තාවන් 19,457 දෙනකු පිළිකා රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති බවයි.
ඉන් 5,477 දෙනකු පියයුරු පිළිකා රෝගීන් බවත්, එම අගය සියලුම කාන්තා පිළිකා රෝගීන්ගෙන් සියයට 28ක් බවත් ඇය පැවසුවාය.
පියයුරු පිළිකාව කළින් හඳුනාගත් විට ප්‍රතිකාර කළ හැකි වුවද, රෝගීන්ගෙන් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් එය දරුණු අවධියේදී හඳුනාගැනීම හේතුවෙන් සුවය ලැබීම වඩාත් අපහසු වන බව ද ඇය සඳහන් කළාය.
නිල දත්තවලට අනුව, මෙරට තුළ වාර්ෂිකව පිළිකා ආශ්රිත මරණ 15,245 ක් සිදුවන අතර, ඉන් 798 ක් පියයුරු පිළිකා හේතුවෙන් සිදුවේ.
මෙම ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පැවසුවේ, වයස අවුරුදු 20 ට වැඩි සියලුම කාන්තාවන් ස්වයං පියයුරු පරීක්ෂණ හෝ සායනික පරීක්ෂණ සිදුකර ගතයුතු බවයි.
වයස අවුරුදු 20 ත් 40 ත් අතර කාන්තාවන් සෑම වසර තුනකට වරක් සායනික පියයුරු පරීක්ෂණයකට භාජනය විය යුතු බවත්, වයස අවුරුදු 40 පසුවූ කාන්තාවන් වාර්ෂික පරීක්ෂණයකට භාජනය විය යුතු බවත් ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart