
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා ළමුන් 14,834ක් පමණ අවදානම් තත්ත්වයන් යටතේ සිටින බව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අනාවරණ කර තිබේ.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (28) පැවති දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර සහ පුනරුත්ථාපන වැඩසටහනේදී මේ බව අනාවරණ විය.
අවදානමට ලක්විය හැකි දරුවන්ට සහාය වීම සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් කටයුතු කරන බවත්, සැළකිව යුතු සිදුවීම් සංඛ්‍යාවක් පොලිස් ස්ථාන හරහා දෙපාර්තමේන්තුවට යොමු කරන බවත් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසීය.
“අප මුහුණ දෙන ප්‍රධාන ගැටළුව වන්නේ පාර්ශවකරුවන් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිකමයි. විශේෂයෙන්, මත්ද්‍රව්‍ය ආශ්රිත නඩුවලදී, නිලධාරීන්ට බඩෝවිට වැනි ඇතැම් ප්‍රදේශවලට ඵලදායී ලෙස ළඟා වීමට නොහැකියි. දරුවාගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන පවුල කේන්ද්‍ර කරගත් සත්කාර සහ සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට අප සියලු දෙනා එක්ව කටයුතු කළහොත් වඩා හොඳ යැයි මම යෝජනා කරනවා.” යැයි ඔහු සඳහන් කළේය.
උත්සවයේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මෙම ගැටලුවේ හදිසිභාවය අවධාරණය කළේය.
“පොලිසිය විසින් සපයන ලද තොරතුරුවලට අනුව පේනවා, සමහර නඩු විමර්ශනය කරන්නේ නැහැ. මම මෙම තත්ත්වය පිළිගන්නේ නැහැ. බොහෝ දරුවන් ඉතා අවදානමට ලක්විය හැකි තත්ත්වයට පත්ව සිටිනවා, අපරාධකරුවන්ට ඔවුන් සූරාකෑමට හැකි තත්වයන් නිර්මාණය වී තිබෙනවා. පාතාල ලෝකයට සම්බන්ධ වයස අවුරුදු 15ක වගේ ළමයිනුත් ඉන්නවා. දරුවන් පාසල් නොයන විට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන් ඉලක්ක කර ගන්නවා.”යැයි ඔහු සඳහන් කළේය.
බොහෝ ආයතන දරුවන් සමඟ කටයුතු කරන බව පිළිගන්නා අතරම, ගැටලුව හඳුනා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහු සඳහන් කළේය.
“මෙම ගැටලුව විසඳීම සඳහා ක්‍රියාකාරී වැඩසටහන් සහ ඒ සඳහා කැපවූ ආයතන අවශ්‍යයි. මේ සඳහා මූල්‍යමය සහයෝගය ද අවශ්‍ය වනවා, එය ජනාධිපතිවරයා නොමසුරුව ලබා දීමට කැමැත්තෙන් ඉන්නේ,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
“මව්වරුන් විදේශගත වූ විට බොහෝ දරුවන් අනාරක්ෂිතයි. කාලයත් සමඟ තත්ත්වය වෙනස් වී ඇතත්, දැන් මව්වරුන් ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිත කරන තත්ත්වයක් සහ තම දරුවන් පාසල් යවා ගත නොහැකි පවුල් තිබෙනවා. මෙම තත්වයන් සැළකිව යුතු බලපෑමක් ඇති කර තිබෙනවා. ඔබේසේකරපුර සහ වැලිකඩ පොලිස් කොට්ඨාසය ඇතුළු ප්‍රදේශවල එවැනි තත්වයන් අපි හඳුනා ගෙන තිබෙනවා” යැයි නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මෙහිදී පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart