
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අරමුදල පසුගිය කාලයේදී පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පනස් හයදෙනකුට නීතියට පිටින් වෛද්‍යාධාර ලෙස රුපියල් කෝටි 13කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මූල්‍යාධාර ලබාගැනීමට අදාළ අයැදුම් පත්‍රය, මාසික ආදායම් සීමාව, ප්‍රාදේශීය ලේකම් වාර්තාව, මූල්‍ය වත්කම් සහ වෛද්‍ය ආධාර මුදල් සීමා ආදිය සළකා බැලීමකින් තොරව එම වෛද්‍යාධාර මුදල් ගෙවා තිබූ බව එහි දැක්වේ.
ඉහත මූල්‍යාධාර ගෙවීම් කර ඇතැයි පැවසෙන්නේ පසුගිය 2005 සිට 2024 කාල පරිච්ඡේදයේදී ය.
එසේම ජනාධිපති අරමුදලෙන් ණය ලබාදීමට ප්‍රතිපාදන නොතිබුණ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් කෝටියකට වැඩි වෛද්‍යාධාර මුදලක් ලබාදී මෙම මුදල නැවත අයකරගෙන නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.
හිටපු අගමැතිවරයකුට වෛද්‍ය පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ජනාධිපති අරමුදලෙන් පනතේ ප්‍රතිපාදනවලට පිටින් ලබා දී ඇත.
ඉන් රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂයකට වැඩි මුදලක් නැවත අයකර ගැනීමේ පදනමින් ලබාදී තිබුණ ද එම මුදල ද අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර විධිමත් ගිවිසුමක් ද නොතිබූ බව එහි සඳහන් වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ ජනාධිපති අරමුදලේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේ ය.(ඉරිදා ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart