
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටක් කඩාවැටෙන විට විදේශ බලවේග සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන එය අස්ථාවර කිරීමට බලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවැසීය.
අද කොළඹදී ජනමාධ්‍ය අමතමින් මහලේකම්වරයා සඳහන් කරන ලද්දේ, රටක අස්ථාවරත්වයේ වාසිය ලබාගැනීමට එම පාර්ශව බලා සිටින බවයි.
මේ මොහොතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම කිසිවකු හදිසියේ අපේක්ෂා කරන දෙයක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.
සාගර කාරියවසම් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ, බලය බෙදාහැරීමේ ප්රශ්නය දැනට පසෙකින් තබා ආර්ථිකය යළි ගොඩනැගීමට ප්‍රමුඛතාවක් ලෙස අවධානය යොමු කරන ලෙසයි.
“රටට තවමත් බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට හැකි වී නැහැ. මේ වෙලාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඉතාම බුද්ධිමත් ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකින්නේ නැහැ,” යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart