August 9, 2025

ඕපනායක හෝටලයක පිහිනුම් තටාකයක ගිලීමෙන් වයස අවුරුදු 12ක පිරිමි ළමයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය ඊයේ සවස වාර්තා වූයේවී තිබේ.

ඉඹුල්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම දරුවා තම මව්පියන් සමඟ හෝටලයට ගොස් ඇත.

එහිදී මිතුරන් සමඟ තටාකයේ සෙල්ලම් කරමින් සිටියදී දරුවා දියේ ගිලී මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

ඕපනායක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.