
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙසැම්බර් 16වැනිදා අබුඩාබි හි පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දොළොස් දෙනෙකු ලැයිස්තුගත කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද අවසන් ක්‍රීඩක ලැයිස්තුවේ දැක්වේ.
මෙම ලැයිස්තුවේ වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ ඇතුළත් වන අතර, ඔවුන් සියල්ලන්ම ඉන්දීය රුපියල් කෝටි 2ක ඉහළම මූලික මිල කාණ්ඩයේ ස්ථානගත කර ඇත.
පළපුරුදු අන්තර්ජාතික ක්‍රීඩකයන් වන පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් සහ හිටපු නායක දසුන් ශානක ද වෙන්දේසියට ඇතුළත් වී ඇති අතර, අලුතින් ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් වන්නේ චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ සහ වියස්කාන්ත් විජයකාන්ත්ය.
කුසල් පෙරේරා, ට්‍රවීන් මැතිව් සහ වමත් වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් තිදෙනා ද ලැයිස්තුවට ඇතුළත් වේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනා කෙටි ලැයිස්තුගත කර ඇත.
ඒ අනුව අදාළ ක්‍රීඩකයන් වන්නේ
වනිඳු හසරංග
මතීෂ පතිරණ
මහේෂ් තීක්ෂණ
පැතුම් නිශ්ශංක
දසුන් ශානක
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
වියස්කාන්ත් විජයකාන්ත්
චරිත් අසලංක
දුනිත් වෙල්ලාලගේ
ට්‍රවීන් මැතිව්
බිනුර ප්‍රනාන්දු
වෙන්දේසිය අබුඩාබි හි එතිහාඩ් අරීනා හිදී 16 වැනිදා පැවැත්වෙන අතර දේශීය වේලාව පස්වරු 1 ට ආරම්භ වේ.
JioHotstar හි සජීවී විකාශය සමඟින් Star Sports හි දවිකාශය කෙරේ.
කණ්ඩායම්10ක් හරහා ලබා ගත හැකි ස්ථාන 77කට ක්‍රීඩකයන් 1,355ක් ලියාපදිංචි වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart