
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හයිද්‍රාබාද්හි තෙලන්ගානාහිදී පැවැත්වෙන 2025 ලෝක රූ රැජින අවසන් තරඟය සඳහා තවත් දින දෙකක් පමණක් ඉතිරිව ඇති බැවින් ඒ සඳහා තෝරාගැනෙන තරඟකරුවන් 40 පිළිබඳ ලොවපුරා අවධානය යොමු වී තිබේ.
අර්ධ අවසන් පූර්ව වටයට ළඟා වන තරඟකරුවන් 40 දෙනා අවසන් වටයේදී ලෝක රූ රැජින කිරුළ සඳහා තරඟ වදිනු ඇත.
මේ වන විට, ක්‍රීඩා අභියෝග සහ කුසලතා අභියෝගයෙන් එක් තරඟකරුවකු බැගින්, head to head අභියෝගයෙන් හතර දෙනෙකු, Top model තරඟයෙන් හතර දෙනෙකු සහ Beauty with a purpose කාණ්ඩයෙන් හතර දෙනෙකු වශයෙන් මුළු ජයග්‍රාහකයන් 14 දෙනෙකු අර්ධ අවසන් පූර්ව වටයට පිවිස ඇත.
ඉතිරි තරඟකරුවන් 26 දෙනා අමෙරිකාව-කැරිබියානු, අප්‍රිකාව, යුරෝපය සහ ආසියා-ඕෂනියා මහාද්වීපවල විනිසුරුවන් විසින් තෝරා ගනු ලබන බව සංවිධායකයන් ප්‍රකාශ කර තිබේ.
ඉන්දුනීසියානු රූ රැජින සහ වේල්සයේ රූ රැජින තරඟ දෙකකින් ජයග්‍රාහකයන් ලෙස කැපී පෙනෙයි.
ඒ අනුව, අවසන් 40 දෙනා අතර ස්ථාන 12ක් පමණක් අවසන් කර ඇති අතර තවත් තරඟකරුවන් 28 දෙනෙකු තෝරා ගත යුතුව ඇත.
ඊළඟ වටයේදී, එක් එක් මහාද්වීපයෙන් පස් දෙනෙක් බැගින් ඉහළම 20 දෙනා තෝරා ගනු ලැබේ.
අවසන් තරඟයට පෙර, එක් එක් මහාද්වීපයෙන් දෙදෙනෙකු බැගින් ඉහළම 8 දෙනා තෝරා ගනු ඇත.
අවසාන වශයෙන්, සෑම මහාද්වීපයකින්ම එක් තරඟකරුවකු වශයෙන් හතර දෙනෙකු කිරුළ සඳහා තරඟ කිරීමට ඉතිරි වනු ඇත.
ඔවුන් අතරින්, එක් අයෙකු ජයග්‍රාහකයා ලෙස කිරුළු පළඳිනු ලබන අතර, අනෙක් තිදෙනා පළමු, දෙවන සහ තෙවන අනුශූරයන් ලෙස නම් කරනු ලැබේ.
මේ දක්වා අර්ධ අවසන් පූර්ව වටයට පිවිස ඇති තරඟකරුවන් මෙසේයි;
ක්‍රීඩා අභියෝගය: එලිස් රැන්ඩ්මා – එස්තෝනියා රූ රැජින
දක්ෂතා අභියෝගය: මොනිකා කෙසියා සෙම්බරිං – ඉන්දුනීසියානු රූ රැජින
head to head වටය
ආසියාව සහ ඕෂනියාව: ඉඩිල් බිල්ගන් – තුර්කියේ රූ රැජින
යුරෝපය: මිලී-මේ ඇඩම්ස් – වේල්ස් රූ රැජින
අප්‍රිකාව: ෆේත් බ්වාල්යා – සැම්බියා රූ රැජින
අමෙරිකා සහ කැරිබියන්: ඇනා-ලීස් නැන්ටන් – ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ රූ රැජින
Top Model වටය
යුරෝපය: ජැස්මින් ගෙර්හාර්ඩ් – අයර්ලන්ත රූ රැජින
අප්‍රිකාව: සෙල්මා කමන්යා – නැමීබියා රූ රැජින
ආසියා සහ ඕෂනියා: නන්දිනි ගුප්තා – ඉන්දියා රූ රැජින
අමෙරිකා සහ කැරිබියන්: ඕරේලි ජෝකිම් – මාර්ටිනික් රූ රැජින
Beauty with a purpose වටය
වැලේරියා පෙරෙස් – පුවර්ටෝ රිකෝ රූ රැජින
නටාෂා නියොන්යෝසි – උගන්ඩා රූ රැජින
මිලීමේ ඇඩම්ස් – වේල්ස් රූ රැජින
මොනිකා කෙසියා – ඉන්දුනීසියානු රූ රැජින
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart