
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කට අධික පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් වාහන බලපත්‍ර ඉල්ලා ඇති බව ජාතික ජන බලවේගය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 116 දෙනෙකු එලෙස වාහන බලපත්‍ර ඉල්ලා ලේඛනයකට අත්සන් කර කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.
මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය ඉල්ලා සිටින්නේ තමන්ට වාහන ලබාගැනීමට නොව එය විකිණීමට බව ඔහු සඳහන් කරයි.
නලින්ද ජයතිස්ස චෝදනා කරන්නේ, වාහන බලපත්‍ර ඉල්ලා ඇති පිරිස අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සිටින බවයි.
කෙසේවෙතත් මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ පසුගිය වසරේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබුණේ තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙස කිසිදු මන්ත්‍රීවරයෙකු මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා නොමැති බවයි.
වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම හෝ ආනයනය කිරීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට කිසිදු ආකාරයක ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව ඔහු ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart