
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරාකයේ උතුරු නිනිවේ පළාතේ මංගල උත්සවයක් අතරතුර ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මිය ගොස් 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
නිනෙව් නියෝජ්‍ය ආණ්ඩුකාර හසන් අල්-අල්ලාක් රොයිටර් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ, මේ වන විට පුද්ගලයන් 113 දෙනෙක් මියගොස් ඇති බව තහවුරු කර ඇති බවයි.
අඟහරුවාදා රාත්‍රියේ දේශීය වේලාවෙන් රාත්‍රී 10:45 ට ගින්න ආරම්භ වී ඇති බව වාර්තා වේ.
ඉරාකයේ නිල INA ප්රවෘත්ති ඒජන්සිය බදාදා අලුයම වාර්තා කර ඇත්තේ, විවාහ උත්සවය පැවති පළාතේ හම්දානියා දිස්ත්‍රික්කයේ උත්සව ශාලාවක ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මුල් තොරතුරුවලින් පෙනීයන්නේ උත්සවය අතරතුර භාවිත කරන ලද ගිනිකෙළි මෙම ගින්නට හේතුව විය හැකි බවයි.
ඉරාකයේ මංගල උත්සවවල ගිනිකෙළි සුලභ අංගයක් බවත්, ගින්න හටගන්නා විට 1,000ක පමණ පිරිසක් උත්සවයට පැමිණ ඇති බවත්, Al Jazeera වාර්තා කර තිබේ.
උත්සව ශාලාවේ ඉදිකිරීම් සඳහා යොදාගත් දැවෙන සුළු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගින්නට හේතුවන්නට ඇතැයි සැක කෙරෙන බවද Al Jazeera සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart