
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තායිලන්තයේ ඊසානදිග මුක්දහන් පළාතේ පිණ්ඩපාත චාරිකාවක යෙදී සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් 11 හැවිරිදි පිරිමි දරුවකු පැදවූ කැබ් රථයක ගැටීමෙන් භික්ෂූන් වහන්සේලා 08නමක අපවත් වී තවත් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.
මුක්දහන් පළාතේ ආණ්ඩුකාර වොරයාන් බුනරත් මාධ්‍ය හමුවකදී කියා සිටියේ, මුක්දහන් පළාතේ විහාරස්ථානයක සිට අසල පිහිටි උබොන් රචතානි පළාතේ විහාරස්ථානයක් කරා පා ගමනින් වැඩම කරමින් සිටි භික්ෂූන් වහන්සේලා 34 නමකගෙන් සහ ගිහි අනුගාමිකයන් පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙලෙස අනතුරට මුහුණ දී ඇති බවයි.
අනතුර සිදු වූ ස්ථානයේදීම භික්ෂූන් වහන්සේලා පස්නමක් අපවත් වී ඇති අතර, බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු තවත් හිමිවරුන් තුන්නමක් අපවත් වූ බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
මෙම අනතුරෙන් තවත් භික්ෂූන් වහන්සේලා 22 දෙදෙනෙකු සහ එක් පුද්ගලයෙකි තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ.
“විශේෂ අවශ්‍යතා සහිත 11 හැවිරිදි මෙම පිරිමි දරුවා තම නිවසේ තිබූ කැබ් රථය රැගෙන කිලෝමීටර් 10 ක් පමණ දුරක් පදවාගෙන විත් මෙම භික්ෂූන් වහන්සේලා පිරිස එකවරම අනතුරට ලක් කර තිබෙනවා” යැයි මුක්දහන් පළාත් පොලිස් ප්‍රධානී මේජර් ජෙනරාල් පයිරොජ් තායිපුත්රා පැවසීය.
අනතුර සිදුවූ ආකාරය පිළිබඳව විමර්ශකයින් තවදුරටත් කරුණු සොයා බලමින් සිටින බැවින්, පොලිසිය මෙතෙක් කිසිදු පාර්ශවයකට විරුද්ධව නඩු පවරා නොමැති බව ද ඔහු සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අනතුර සිදු කළ කුඩා දරුවා දැඩි කම්පන තත්ත්වයක පසුවන බැවින් සහ ප්‍රකාශයක් ලබා දීමට අපොහොසත් මට්ටමක සිටින බැවින්, පොලිස් නිලධාරීන්ට මෙතෙක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නොහැකි වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart