
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම මෙක්සිකානු ප්‍රාන්තයක් වන ගුවානජුවාටෝ හි පාපන්දු පිටියකට පැමිණි අවිගත් පිරිසක් කළ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සලාමන්කා නගරාධිපති සීසර් ප්රීටෝට අනුව, ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් අතර කාන්තාවක් සහ දරුවකු ද වේ.
“මෙම සිදුවීම අප ප්‍රාන්තයේ, කණගාටුදායක ලෙස අත්විඳින ප්රචණ්ඩත්වයේ රැල්ලට එක්වන තවත් සිදුවීමක්. අවාසනාවකට මෙන්, අපරාධ කණ්ඩායම් බලධාරීන් යටත් කර ගැනීමට උත්සාහ කරනවා, එය ඔවුන්ට සිදුකළ නොහැක්කක්, ” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
ප්රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා උදව් ඉල්ලා ඔහු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් වෙත ද ආයාචනා කළේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සලාමන්කා පිහිටා ඇති ගුවානජුවාටෝ ප්‍රාන්තයේ නීතිපති කාර්යාලය පැවසීය.
ප්‍රදේශයේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම, එහි ජනතාව ආරක්ෂා කිරීම සහ අපරාධකරුවන් සොයා ගැනීම සඳහා බලධාරීන් සම්බන්ධීකරණය කරමින් කාර්යාලය තවදුරටත් කටයුතු කළ බව නිවේදනයක දැක්වේ.
“වගකිව යුතු අය සොයා ගනු ඇත,” ප්රීටෝ සිය ෆේස්බුක් සටහන්වල වැඩිදුරටත් පැවසීය.
ගුවානජුවාටෝ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් සහ කාර්මික මධ්‍යස්ථානයක් වන නමුත් නිල මිනීමැරුම් සංඛ්‍යාලේඛනවලට අනුව, කල්ලි අතර යුද්ධ හේතුවෙන් මෙක්සිකෝවේ මාරාන්තිකම රාජ්‍යය ද වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart