
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකාය සහ පොලිසිය එක්ව ඊයේ පස්වරුවේ තිස්සමහාරාමයේ කිරින්ද ප්‍රදේශයේ සිදු කළ සම්බන්ධීකරණ මෙහෙයුමකදී ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ දේශීය ගංජා කිලෝග්‍රෑම් 104කට අධික ප්‍රමාණයක් සැකකරුවන් 02 දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස විසින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ කිරින්ද පොලිසිය සමඟ කිරින්ද ප්‍රදේශයේ සිදුකරන ලදී.
මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී කැබ් රථයකට පටවාගෙන යමින් තිබූ සැක කටයුතු පොලිතින් ඇසුරුම් තොගයක් පරීක්ෂාවට ලක් කර ඇත.
මෙම පරික්ෂාවේදී පොලිතින් ඇසුරුම් හයක අසුරා තිබූ දේශීය ගංජා කිලෝග්‍රෑම් 104 යි ග්‍රෑම් 815 ක් සොයා ගෙන ඇත.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කැබ් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ගංජාවල වටිනාකම රුපියල් මිලියන 20 කට අධික බව විශ්වාස කෙරේ.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 28 යන වයස්වල පසුවන්නන් බවට හඳුනාගෙන ඇත.
සැකකරුවන් සහ ගංජා තොගය මෙන්ම කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිරින්ද පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart