
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධකරුවන්ගේ වෙඩි තැබීම් සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේ, අපරාධ ක්‍රියාවල යෙදෙන යතුරුපැදිකරුවන් පසුපස හඹායෑම සඳහා පොලිස් නිලධාරීන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුහුණුව ලබන බවයි.
මෙම කණ්ඩායම කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) පුහුණු කඳවුරේ පුහුණුව ලබන බව ඔහු පවසයි.
“තුවක්කුකරුවන් යතුරුපැදිවලින් අපරාධ සිදුකිරීමේ සිද්ධීන්වලට ප්‍රතිචාර දැක්වීමට සහ ඔවුන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙම කණ්ඩායම පුහුණු කරනු ලැබේ” ඔහු සඳහන් කරයි.
මෙම පුහුණු නිලධාරීන්ට විශේෂ නිල ඇඳුම්, විශේෂිත යතුරුපැදි 50ක් සහ ගිනි අවි පිරිනැමෙන අතර ඔවුන් මැයි 1 වැනිදා සිට පාතාල මර්දන රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව බස්නාහිර පළාතේ අපරාධ වැඩියෙන්ම වාර්තා වන පොලිස් ස්ථාන 25ට නිලධාරීන් හතරදෙනකු බැගින් අනුයුක්ත කෙරේ.
මේ අතර ඉදිරි මාස තුන ඇතුළත පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන බව පොලිස්පතිවරයා පවසයි.
පොලිස්පති තෙන්නකෝන් පවසන්නේ, මෑතකාලීන ක්‍රියාමාර්ග මගින් මෙරට පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සැළකිව යුතු ලෙස මැඩළීමට හැකි වූ බවයි.
“පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපි මේ වන විටත් පොලිස් නිලධාරීන් 100 දෙනෙකුගෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් ප්‍රදේශ කිහිපයක යොදවා තිබෙනවා. එම සංඛ්‍යාව ඉක්මනින් කණ්ඩායම් 30 දක්වා වැඩි කරනවා. අවශ්‍ය නම් එම සංඛ්‍යාව 100 දක්වා වැඩි කරන්න පුළුවන්,” ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart