
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආර්ථික අර්බුදය හේතුවෙන් පිඩාවට පත් තවත් ශ්‍රී ලාංකිකයන් 10 දෙනකු ඉන්දියාවට පළාගොස් ඇත. ඉන්දියාවේ ධනුෂ්කෝඩි ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් මෙම පිරිස සොයාගෙන තිබේ.
ළමුන් තිදෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකුද මෙම සරණාගතයන් පිරිස අතර සිටින බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇත.
මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් 10 දෙනකු ඊයේ (06) අලුයම මුහුදු මාර්ගයෙන් මෙසේ ධනුෂ්කෝඩි වෙත ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුද හමුවේ තමන් මෙලෙස ඉන්දියාවට පැමිණි බව අදාළ පුද්ගලයන් ඉන්දීය ආරක්ෂක අංශ වෙත පවසා ඇත.
මෙම සරණාගතයින් පිරිස මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙනයාමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය ඇතුළත ශ්‍රී ලාංකිකයන් 254කට වැඩි සංඛ්‍යාවක් සරණාගතයන් ලෙස ඉන්දියාවට පළාගොස් ඇති බව වාර්තා අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart