October 9, 2025

මෙරට ජන­ග­හ­න­යෙන් 10%ක් මාන­සික රෝගී තත්ත්ව­ය­න්ගෙන් පෙළෙන අය බවත් එයින් 2%කට බර­ප­තළ මාන­සික සෞඛ්‍ය රෝගී තත්ත්ව තිබෙන බවත් අනා­ව­ර­ණය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජන­රාල් විශේ­ෂඥ වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන පැව­සීය.

ලෝක මාන­සික සෞඛ්‍ය දිනය 2025 සැම­රුම ඊයේ (08) සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජ­ය­මුණි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොළඹ පද­නම් ආය­ත­න­යේදී පැවැති අව­ස්ථා­වට එක්වෙ­මින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජන­රා­ල්ව­රයා මේ බව සඳ­හන් කළේය.

2024 වසරේ රෝගීන් 37000කට මාන­සික සෞඛ්‍ය සාය­න­ව­ලින් ප්‍රති­කාර කර ඇති බව ද ඔහු පැව­සීය. ආපදා සහ හදිසි අව­ස්ථා­ව­ලදී මාන­සික සෞඛ්‍ය සේවාව සැමට සැම­විට යන තේමාව යටතේ මෙවර ලෝක මාන­සික සෞඛ්‍ය දිනය සම­රනු ලැබීය.

මෙහිදී අද­හස් දැක්වූ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජ­ය­මුණි මෙසේද පැව­සීය.

“මාන­සික සෞඛ්‍ය දිනය කියන එකක් ලෝක­යට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ වගේ රට­ව­ල්වල මාන­සික සෞඛ්‍යය පිළි­බඳ ස්ථාන­ගත වීම ගැන ගැට­ලු­වක් තිබෙන හින්දයි. මාන­සික සෞඛ්‍ය සම්බන්ධ සංවි­ධා­නා­ත්මක ජාලය හා එය ස්ථාපිත කිරීම සම්බ­න්ධව බර­ප­තළ ප්‍රශ්න­යක් ගැට­ලු­කාරී බවක් අපේ රටේ තිබෙ­නවා. අපි රජ­යක් විදි­හට දකින්නේ මාන­සික සෞඛ්‍ය පිළි­බඳ වූ කති­කා­වත මීට වඩා ගැඹු­රින් සිදු කළ යුතුයි සහ මේ සේවාව වඩාත් ස්ථායි ලෙස ස්ථාපිත කළ යුතුයි කියන එකයි. පහ­ළම මට්ටමේ ජන­තාව ළඟ­ටම ගිහින් කරන සේවය මීට වඩා විධි­මත් විය යුතුයි. අපේ රට මාන­සික සෞඛ්‍ය වැඩ­ස­ට­හන් ඉතා­මත් දුර්වල සහ ආර­ම්භක අව­ස්ථා­වක තිබෙ­න්නේ.”