
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ජනගහනයෙන් 10%ක් මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය බවත් එයින් 2%කට බරපතළ මානසික සෞඛ්‍ය රෝගී තත්ත්ව තිබෙන බවත් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.
ලෝක මානසික සෞඛ්‍ය දිනය 2025 සැමරුම ඊයේ (08) සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැති අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
2024 වසරේ රෝගීන් 37000කට මානසික සෞඛ්‍ය සායනවලින් ප්‍රතිකාර කර ඇති බව ද ඔහු පැවසීය. ආපදා සහ හදිසි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය සේවාව සැමට සැමවිට යන තේමාව යටතේ මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජයමුණි මෙසේද පැවසීය.
“මානසික සෞඛ්‍ය දිනය කියන එකක් ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ වගේ රටවල්වල මානසික සෞඛ්‍යය පිළිබඳ ස්ථානගත වීම ගැන ගැටලුවක් තිබෙන හින්දයි. මානසික සෞඛ්‍ය සම්බන්ධ සංවිධානාත්මක ජාලය හා එය ස්ථාපිත කිරීම සම්බන්ධව බරපතළ ප්‍රශ්නයක් ගැටලුකාරී බවක් අපේ රටේ තිබෙනවා. අපි රජයක් විදිහට දකින්නේ මානසික සෞඛ්‍ය පිළිබඳ වූ කතිකාවත මීට වඩා ගැඹුරින් සිදු කළ යුතුයි සහ මේ සේවාව වඩාත් ස්ථායි ලෙස ස්ථාපිත කළ යුතුයි කියන එකයි. පහළම මට්ටමේ ජනතාව ළඟටම ගිහින් කරන සේවය මීට වඩා විධිමත් විය යුතුයි. අපේ රට මානසික සෞඛ්‍ය වැඩසටහන් ඉතාමත් දුර්වල සහ ආරම්භක අවස්ථාවක තිබෙන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart