
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, වැඩිම වියදම් දරන අමාත්‍යාංශ 10යේ වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණයක් ගත් බවයි.
මේ සම්බන්ධයෙන් සකස් කෙරෙන වාර්තා භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පවසා ඇතැයි වාර්තා වේ.
ජාතික ඇගැයීම් ප්‍රතිපත්තිය සම්බන්ධ රජයේ වැඩ කටයුතුවල කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇති බව සදහන් වේ.
ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම සහ නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ පවතින අඩුපාඩු හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වලංගු හෝ නීතිමය වශයෙන් බැඳී නැති රාජ්‍ය ක්‍රියාවලියක් පවතින බව ද අවධානයට ලක්ව ඇත.
වැඩිදුරටත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, “අපිට ස්ථාවර ප්‍රතිපත්ති තිබිය යුතුයි. පාර්ලිමේන්තුව ජාතික ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් ලබාදුන් පසු ඒ සඳහා කමිටුවක් පත් කරනවා.” යනුවෙනි.
අරලියගහ මන්දිරයේ පැවති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart