
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසරේ (2022) මෙම කාලයට සාපේක්ෂව පශ්චාත් අස්වනු හානිය සියයට 50කින් අඩු කිරීම හේතුවෙන් මෙම වසරේ (2023) සැප්තැම්බර් 01 වැනිදා වනවිට රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් ඉතිරි කර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.
පසුගිය මාස කිහිපය තුළ පසු අස්වනු කළමනාකරණයේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් පසු අස්වනු කළමනාකරණ ජාතික ආයතනය (NIPHM) කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව අමාත්‍යාංශය මෙසේ සඳහන් කර තිබේ.
නිසි ප්‍රවාහනය සහ ගබඩා කිරීමේ පිළිවෙත් අනුගමනය නොකිරීම හේතුවෙන් වසරකට මෙට්‍රික් ටොන් 270,000ක පමණ එළවළු සහ පලතුරු වලට හානි සිදුවන බව අමාත්‍යංශය පවසයි.
එලෙස විනාශ වන එළවළු සහ පලතුරුවල වටිනාකම වසරකට රුපියල් බිලියන 20ක් ලෙස ගණන් බලා ඇත.
එම වාර්තාවට අනුව, පසු අස්වනු හානි සිදුවී ඇත්තේ සර්ප කරවිල (මුළු අස්වැන්නෙන් 32%), බණ්ඩක්කා (28%), කැරට් සහ කෙසෙල් (26%), බෝංචි (24%), අලිගැටපේර ( 20-25%), සහ බටු, දිගු බෝංචි, පිපිඤ්ඤා, අමු මිරිස්, පේර සහ පැපොල් (20%) යන එළවළු සහ පලතුරුවලටය.
එළවළු සහ පලතුරු අස්වනු නෙලීමේදී තාක්ෂණික ක්‍රම භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම මෙන්ම ප්‍රවාහනයේදී ආරක්ෂිත ඇසුරුම් භාවිත කිරීමට ගොවීන් උනන්දු කිරීම පසු අස්වනු හානිය අඩුවීමට ප්‍රධාන හේතුව බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
මහා පරිමාණ සුපිරි වෙළඳසැල් බොහෝ විට කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය සඳහා නිසි පිළිවෙත් අනුගමනය කළද, විශේෂයෙන් ආර්ථික මධ්‍යස්ථාන සහ බොහෝ තොග සහ සිල්ලර වෙළෙන්දෝ එසේ නොකරති.
රජය පසුගිය අයවැයෙන් අදාළ කටයුතු සඳහා රුපියල් මිලියන 45ක් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart