May 16, 2026

මෙරට අධිකරණවල නඩු මිලියන 1.1කට වඩා ගොඩගැසී ඇති බව අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවකින් පෙනීගොස් තිබේ.

එම වාර්තාවට අනුව 2025 ජුනි 30 වැනිදා වන විට, රට පුරා පිහිටි අධිකරණ 293ක මුළු නඩු 1,134,474ක් නොවිසඳී ඇති බව පෙනීගොස් ඇත.

වැඩිම නඩු ප්‍රමාණයක් ගොඩගැසී ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණවල වන අතර, නඩු 818,869ක් විභාග වෙමින් පවතින බව වාර්තා වේ.

දිස්ත්‍රික් අධිකරණවල විසඳීමට නියමිත නඩු 260,007ක් ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණන 5,396ක් ලෙසත් සටහන් වී ඇත.

අභියාචනාධිකරණය නඩු 5,216ක්, සිවිල් අභියාචනා මහාධිකරණයේ 6,591ක් සහ වාණිජ මහාධිකරණයේ 6,330ක් ලැයිස්තුගත කර ඇත.

මහාධිකරණයේ අපරාධ නඩු 27,376ක් විභාග වෙමින් පවතී.

ළමා මහේස්ත්‍රාත් අධිකරණ නඩු 1,556ක් සහ කම්කරු විනිශ්චය සභා නඩු 3,131ක් වාර්තා වී ඇත.

අධිකරණ අපහාස නඩු 65ක් විසඳීමට නියමිතව ඇති බව ද වාර්තාවේ සඳහන් වේ.