
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු – යුක්රේන යුද්ධයේදී අවම වශයෙන් ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් අටදෙකු මියගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
එලෙස මියගිය පුද්ගලයන් අතරින් හයදෙනකු රුසියාවේදී සහ දෙදෙනකු යුක්රේනයේ දී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේය.
ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන 83 දෙනකු මේ වනවිටත් මිනිස් ජාවාරම්කරුවන් විසින් රුසියාවට සහ යුක්රේනයට යවා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී වී ඇති බව ද ඔහු අනාවරණ කළේය.
ඔවුන් අතරින් 60 දෙනකු යුක්රේන – රුසියානු යුද්ධය සඳහා රුසියාවටත්, තවත් 23 දෙනෙකු යුක්රේනයටත් යවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
පසුගියදා මෙරට මිනිස් ජාවාරම් සිද්ධීන් කිහිපයක් අනාවරණ වීමෙන් පසු රුසියානු – යුක්රේන යුද්ධයේදී සටන් කිරීමට ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් කුලී හේවායන් ලෙස යෙදවීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.
රුසියානු – යුක්රේන යුද්ධයට සටන් කිරීම සඳහා යුද හමුදාවේ පළපුරුදු නිලධාරීන් යෙදවීම සඳහා මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සතියේ හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයකු සහ සාජන් මේජර්වරයකු අත්අඩංගුවට ගනු ලැබීය.
යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් ගණනාවක් කුලී හේවා කණ්ඩායම්වල සාමාජිකයන් ලෙස රුසියානු-යුක්රේන යුද පෙරමුණට යැවීමෙන් පසු මියගොස් හෝ තුවාල ලබා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ද තහවුරු කර තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු නීතිවිරෝධී විදේශ රැකියා නියෝජිතයින්ගේ කූඨ උපායකට හසු වී කුලී හේවා කණ්ඩායම්වල සාමාජිකයන් ලෙස රුසියානු-යුක්රේන යුද පෙරමුණට ගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart