
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ඉන්දීය නාවික හමුදා නිලධාරීන් 08 දෙනෙකුට නිශ්චිතව දක්වා නොමැති චෝදනා මත මරණ දණ්ඩනය නියම කිරීමට කටාර් අධිකරණයක් ක්‍රියා කර ඇති බව ඉන්දියාව පවසයි.
කටාර් පෞද්ගලික සමාගමක සේවය කළ මෙම පුද්ගලයන් අටදෙනා පසුගිය වසරේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔත්තු බැලූ බවට චෝදනා කරමින් බව පැවැසේ.
කටාර් රාජ්‍ය හෝ ඉන්දියාව ඔවුන්ට එරෙහිව නිශ්චිත චෝදනාවන් පිළිබද තවමත් හෙළි කර නොමැත.
ඉන්දීය රජය පවසා ඇත්තේ, තමන් මේ සිද්ධිය පිළිබද දැඩි කම්පනයට පත්වූ බවත්, මෙම තීන්දුව සම්බන්ධයෙන් කටාර් බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවත් ය.
මේ පිළිබද සවිස්තරාත්මක තීන්දුවක් බලාපොරොත්තුවන අතර, මෙම නඩුවට ඉහළ වැදගත්කමක් පවතින බව සහ මේ පිළිබද ගැඹුරින් අධ්‍යනය කළ යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත.
මෙම නඩුවේ රහස්‍ය ස්වභාවය හේතුවෙන් වැඩිදුර අදහස් දැක්වීමක් සිදු නොකරන බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart