
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් හත්දෙනකු පසුගිය 16 වැනිදා ජෝර්දාන හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව අරාබි පුවත් සේවය වාර්තා කරයි.
දේශසීමා හමුදාව විසින් මෙම හත්දෙනා අත්අඩංගුවට ගෙන අදාළ නිළධාරින්ට භාරදුන් බව ජෝර්දාන හමුදාව පවසයි.
එරට දේශසීමා සහ ජාතික ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදාවන් විසින්, නීතිවිරෝධී ලෙස රටට ඇතුළුවීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය වසරවල ආසියාව, තුර්කිය, අප්‍රිකාව වැනි රටවලින් පැමිණෙන පිරිස් ජෝර්දාන – ඊශ්‍රායල් දේශසීමාවට අනවසරයෙන් ඇතුළු වූ අවස්ථා වැඩි වශයෙන් වාර්තා වීම මෙම දැඩි නීති යෙදීමට හේතු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart