
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාවික හමුදාව විසින් සැප්තැම්බර් පළමුවැනිදා යාපනයේ කදෙයිකාඩු මුහුද ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් හත්දෙනෙක් සමග ඩිංගි යාත්රා දෙකක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න අත්අඩංගුවට ඇත.
උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගත කිරීමට අයත් චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩය මගින් මෙම මෙහෙයුම සිදුකළ තිබේ.
මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 21 – 38 ත් අතර යාපනය මුල්ලියාන් ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර, එම පුද්ගලයන් හත් දෙනා, ඩිංගි යාත්රා 02 සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart