
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙන්නප්පුව අංගම්පිටියේ ග්රාමීය බැංකුව සොරුන් විසින් බිඳ ඇති බව වාර්තා වේ.
සොරුන් විසින් බැංකුවේ සේප්පුව කපා, එහි තිබූ රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත්, උකස් ලෙස ලබාගත් රන් භාණ්ඩ සොරාගෙන ගොස් තිබේ.
මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 27වැනිදා පස්වරුවේ බැංකුව වසා දැමීමෙන් පසුවය.
බැංකුව සොරුන් බිඳ ඇති බව අනාවරණය වී ඇත්තේ පෙරේදා (30) උදෑසන 8.30ට නැවත බැංකුව විවෘත කිරීමේදී ය.
මෙම ග්රාමීය බැංකුව පිහිටා ඇත්තේ නගරයෙන් දුර බැහැරව බව පොලිසිය පවසයි.
මෙහි සේවයේ නිරතව සිටින්නේ කළමනාකාරිණිය සහ සේවිකාවන් දෙදෙනෙක් පමණක් බව පොලිසියට සඳහන් කරයි.
ග්රාමීය බැංකුව පිහිටි ගොඩනැඟිල්ලෙහි කුඩා ජනේලයක පියන විවෘතකර එහි යකඩ ග්රිල් ග්රයින්ඩරයකින් කපා සොරුන් ඇතුළු වී ඇති අතර, සේප්පුව කපා ඇත්තේද ග්රයින්ඩරයකින් බ බව හෙළිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart