
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගල්නෑව – නැකැත්තේගම ප්‍රදේශයේ වගා බිමක සැරිසැරූ වන අලි පැටවකුට වෙඩි තබා ඝාතනය කර රහසිගත ස්ථානයක වළ දැමූ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වනජීවී සංරක්ෂණ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 42 ත් 50 ත් අතර වයස්වල පසුවන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
42 හැවිරිදි ඉඩමේ හිමිකරු තම බෝර 12 තුවක්කුවෙන් අලි පැටවා මරා දමා අනෙක් සිව්දෙනාගේ සහාය ඇතිව මළ සිරුර වළදැමූ බව මීගලෑව වන සංරක්‍ෂක අයි.එම්.ජී.සෙනෙවිරත්න පවසයි.
මරාදැමූ අලි පැටවාට වයස අවුරුදු පහක් පමණ වන බව ඔහු සඳහන් කරයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart