
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් විදේශීය සිගරට්, විස්කි සහ චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයින් දෙදෙනකු සහ ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිලියන 15.8ක වටිනාකමක් පවතින බවට තක්සේරු කර ඇති මෙම භාණ්ඩ තොගය සමඟ චීන ජාතිකයින් දෙදෙනකු, ඉන්දීය ජාතිකයකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හොර බඩු තොගය රාජසන්තක කිරීමට නියමිත අතර සැකකරුවන්ට රුපියල් 300,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart