
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උඩවලව රක්‍ෂිතයට අයත් හම්බෙගමුව ප්‍රදේශයේ අක්කර හතර හමාරක භුමි කොටසක වගාකර තිබු රුපියල් කෝටි 5ක විටිනාකමකින් යුත් ගංජා පැල 250,000කට අධික සංඛ්‍යාවක් සහිත ගංජා හේනක් ඊයේ පස්වරුවේ (මාර්තු 17) වටළා ඇත.
මෙම ගංජා වගාව හම්බේගමුව නගරයේ සිටකිලෝමීටර 08ක් පමණ දුරකින්, පොලිසිය හෝ ආරක්‍ෂක අංශවලට ළඟාවිය නොහැකි දුෂ්කර ප්‍රදේශයක ඉතා ආරක්‍ෂිතව වගාකර, දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත.
ශ්‍රී ලංකා පොලිසිය සමඟ යුධ හමුදාව ඒකාබද්ධව සිදු කරන යුක්තිය මෙහෙයුම සමඟ, දකුණු ප්‍රදේශයේ පවතින නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩළීම උදෙසා යුද්ධ හමුදා බුද්ධි අංශ විසින් මෙම තොරතුරු මාතර පොලිස් විමර්ශන කොට්ඨාසය වෙත ලබා දී ඇත.
පොලිසිය සහ යුද්ධ හමුදාව එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී භට පිරිස් එම ස්ථානය වෙත ළඟාවන විට එහි පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර, වැටළීම සිදුකරන අවස්ථාවේදී අදාළ පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයෙන් පැනගොස් තිබේ.
මේ පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතු මාතර පොලිස් විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart