
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු පළාත භීතියට පත්කරගෙන සිටි මාකදුරේ මදූෂ්ගේ ගෝලයකු වන මහා පරිමාණ අපරාධකරුවකු වන රොටුඹ රසිකගේ ගෝලයන් සිව්දෙනෙක් අපරාධ සදහා යොදා ගන්නා AK47 වර්ගයේ ගිනි අවියක් සහ ඇමෙරිකාවෙ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් ද සමඟින් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
මාවරල සහ දෙයියන්දර පොලිස් වසමේ මුලටියන සහ මාකඳුර ප්‍රදේශයේ දී මෙම වැටලීම් සිදුකර ඇත.
ගිනි අවි සඟවා තබා ගැනීමට ආධාර අනුබල දීම, හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 80ක් සහ 9mm උණ්ඩ යෙදිය හැකි ඇමරිකාවේ නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම මැගිසිනයක්, AK47 වර්ගයේ ගිනි අවියක් හා මැගසිනයක් සමග මුලටියන සහ මාකදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36, 43, 44, 51, ක් වන පුද්ගලයන් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී, මියගිය ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු වූ මාකඳුරේ මධූෂ් යන අය සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති මේ වන විට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවකු වන රොටුඹ රසික යන අයට මෙම ගිනිඅවි අයත් බවටත්, අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් උපයෝගී කරගනිමින් මෙම ගිනි අවි සඟවා තැබීම හා රොටුඹ රසික යන අය මෙහෙයවනු ලබන අපරාධ කටයුතු වෙනුවෙන් ගිනි අවි සැපයීම සිදුකර ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart