
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආන්දෝලනාත්මක මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් අද තවත් මුලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකෙරිණි.
රජයේ හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය, යුනෙස්කෝ සංවිධානයේ හිටපු අධ්යක්ෂ විජයානන්ද ජයවීර සහ මාධ්‍ය නීති සංසදය යන පාර්ශව විසින් වෙනවෙනම මෙම පෙත්සම් ගොනුකරනු ලැබීය.
මීට පෙර විපක්ෂය සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් විසින්ද මෙම කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් ගොනුකර ඇත.
සමාජ මාධ්‍යය ඇතුළු අන්තර්ජාල අන්තර්ගතයන් වාරණය කළ හැකි ප්‍රතිපාදන ඇතුළත් මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් පසුගිය ඔක්තෝබර් 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන කොමිසමක් මගින් සමාජ ජාලාවල පළකෙරෙන අන්තර්ගතයන් වාරණයට ලක්කිරීම සහ ආණ්ඩුවට එරෙහිව අදහස් පළකරන පුද්ගලයන්ට දඬුවම් නියම කළ හැකි ප්‍රතිපාදන ඇතුළත් මෙම පනත් කෙටුම්පතට පාර්ශව රැසක දැඩි විරෝධය එල්ලවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart