
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක තිබූ රුපියල් කෝටි 02කට ආසන්න මුදලක් ව්‍යාජ අස්සන් යොදා කිසිවකු විසින් වංචා සහගතව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ව්මර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත ඊයේ (14දා) දැන්වීය.
අදාළ පැමිණිලිකාරිය තම කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවද එම විමර්ශන අංශය අධිකරණය හමුවේ පැවැසීය.
පැමිණිලිකාරියගේ සැමියා මියයෑමෙන් අනතුරුව එම මුදල් පැමිණිලිකාරියගේ ගිණුම්වල ස්ථාවර තැන්පතු වශයෙන් තිබූ බව ඇය සිය පැමිණිල්ල මඟින් පෙන්වාදී ඇති බවද පොලිසිය බී වාර්තාවක් මඟින් අධිකරණයට පෙන්වා දී තිබිණි.
අදාළ පැමිණිලිකාරියගේ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු මියගොස් ඇති බවත්, සෙසු දරුවා විදේශගතව සිටින බවත් පැමිණිල්ලේ සඳහන් වන බවද එම වාර්තාව මඟින් පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේය.
විදෙස්ගතව සිටින දරුවා මෙරටට පැමිණි පසු පැමිණිලිකාරියගේ අනුදැනුම මත අදාළ බැංකුවලින් ගිණුම් සාරාංශයක් ලබාගෙන පරික්‍ෂා කිරීමේදී කිසියම් අයකු එම ගිණුම්වල තිබූ රුපියල් 19,654,711.60ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බව ඇය පැමිණිල්ල මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන සඳහා බැංකු වාර්තා ලබාගැනීමට නියෝගයක් ලබාදෙන ලෙසට පොලිසිය කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසර හිමිවිය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart