
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයට යැවීම වෙනුවෙන් මෙරට රිලව් ඇල්ලීමේ කටයුත්තත් චීන සමාගමකට පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ වන විට කෘෂිකර්ම අමාත්‍යංශය ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය අපේක්ෂාවෙන් පසුවෙයි. කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර විසින් චීනයට යැවීමට රිලවුන් ඇල්ලීමට ඇති හැකියාව සහ ඒ පිළිබඳ නීතිමය තත්වය අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත්කර ඇත.
රිලවුන් ලක්ෂයක් ඇල්ලීමේ කටයුත්ත අදාළ ඉල්ලීම සිදුකළ චීන සමාගමටම භාරදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත්තේ, ඒ වෙනුවෙන් වැයවන මුදල රජයට දරාගත නොහැකි බැවිනි. දැන්, අදාළ සමගම විසින් මෙරටින් අල්ලාගන්නා රිලවුන්, ගුවන්තොටුපොළ දක්වා රැගෙනවිත් සති දෙකක කාලයක් නිරෝධායනය කර, අනතුරුව චීනයට යැවීමට සැලසුම් කර ඇතැයි පැවසේ.
මේ අතර විෂයභාර ඇමති මහින්ද අමරවීර ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම රිලවුන් ලක්ෂය චීනයට ලබාදෙන්නේ මුදලට නොවන බවයි. එසේම චීනයෙන් ලැබුණු ඉල්ලීමෙන් පසුව තවත් රටවල් කිහිපයකින්ම ශ්‍රී ලංකාවේ රිලවුන් වෙනුවෙන් ඉල්ලීම ලැබී ඇති බවද ඇමතිවරයා පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart