
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්ය සුනිල් වටගල සහ හිටපු බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි යන අයගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නියමිත බව Sunday Times පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව ඔවුන්ගේ වත්කම් පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයෙන් පසුව මතුවූ ගැටලු කිහිපයක් සැලකිල්ලට ගනිමින් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇත.
මෙම මූලික පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ, අමාත්යවරුන් පස්දෙනකුට සහ නියෝජ්ය අමාත්යවරයකුට එරෙහිව සිවිල් අයිතිවාසිකම් ක්රියාකාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.
අදාළ අනෙකුත් පිරිස වන්නේ, අමාත්යවරුන් වන බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති සහ නලින්ද ජයතිස්ස යන අයයි.
පෙර පැවති වත්කම් ප්රකාශන සහ පසුව කරන ලද ප්රකාශන අතර පවතින විෂමතාවන් සැලකිල්ලට ගනිමින් මෙම සවිස්තරාත්මක විමර්ශනය සිදුකරනු ලැබේ.
සිවිල් අයිතිවාසිකම් ක්රියාකාරිකයකු වන ජාමුනි කමන්ත තුෂාර ද සිල්වා විසින් ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර, නීතිවිරෝධී ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොමිෂන් සභාව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ දේපළ මිල ගණන්වල වෙනස්වීම් හේතුවෙන් ඇතැම් වත්කම්වල වටිනාකම ඉහළ ගොස් ඇති බවයි.
කෙසේවෙතත්, අලුතින් ප්රකාශයට පත්කරන ලද අතිරේක වත්කම් හේතුවෙන් වැඩිදුර විමර්ශන අවශ්ය වී ඇති බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart