
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට සිසුන් 5,000ක් සඳහා පහසුකම් සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන්ට රාජ්‍ය නොවන උපාධි ප්‍රධානය කරනු ලබන පිළිගත් ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පොළී රහිත ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 වසරේ පෙබරවාරි 04වැනිදා මෙලස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
දැනට ශිෂ්‍ය කණ්ඩායම් පහක් එම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ඇති අතර හය වන කණ්ඩායම සඳහා සුදුසුකම් ලබන සිසුන් ද මේ වන විට හඳුනාගෙන තිබේ. ඒ අනුව, මේ දක්වා ම අනුගමනය කළ ක්‍රමවේදය පරිදි පොළී රහිතව එම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරට ත් පවත්වා ගෙන යාමටත් ඒ යටතේ 07 වන කණ්ඩායම වශයෙන් මෙම සිසුන් 5,000ට පහසුකම් සලසා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart