August 25, 2026

මේ වන විට පුරප්පාඩුව පැවති මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත මෙම පත් කිරීම සිදුකර ඇත.