
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
ඒ නේපාලයට කඩුලු 8ක දැවැන්ත හා අමිහිරි පරාජයක් උරුමක කර දෙමින්.
කාසිය වාසිය දිනූ ක්‍රෙග් අර්වින් හරාරේ පිටියේ පළමුව පන්දුවට පහරදීමට නේපාලයට ආරාධනා කළේය.
සිම්බාබ්වේ පන්දු යවන්නන්ට අත දිග හැර පහරදුන් නේපාල ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 290ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනුයි.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කූෂල් බර්ටෙල් අවාසනාවන්ත ලෙස ලකුණු 99දී දැවී ගියේය.
රිචඩ් අන්ගරාවා ලකුණු 43කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.
ජයග්‍රහණය හඹා ගිය සිම්බාබ්වේ පිතිකරුවෝ 45 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී කඩුලු 2ක් පමණක් දැවි ජයග්‍රහණය තමන් සතු කර ගත්හ.
තරගයේ වීරයා සම්මානය හිමි කරගත් ක්‍රෙග් අර්වින් නොදැවී ලකුණු 121ක් සහ ෂෝන් විලියම්ස් නොදැවී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් විය.
පන්දු 70කදී විලියම්ස් ශතකය සම්පූර්ණ කළේ සිම්බාබ්වේ ක්‍රීඩකයෙක් ලබා ගත් වේගවත්ම ශතකයේ වාර්තාව ද තමන්ගේ නම ඉදිරියේ සටහන් කරගනිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart