
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල්ට අගතියක් වන පරිදි මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළ බවට චෝදනා ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ඇතුළු පිරිසට එරෙහිව නීතිපති උපදෙස් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට ඇප මත පසුවන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනීසිටි අතර, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙසේ අධිකරණය හමුවේ පෙනීසිටි පිරිස අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා, මාතලේ පදිංචි ඉෂාන් ගුණසේකර, ඇරැව්වල පදිංචි ක්‍රිෂාන් නාලක, මඩපාත පදිංචි මනෝජ් මධුශංක, උපාධිධාරියකු වන ලක්මාල් වික්‍රමසිංහ, එස්.බී.එම්. මධුශංක, කොළඹ ව්‍යාපාරික තිලංග දක්ෂිණ සුමතිපාල සහ මුද්‍රණාල හිමිකරු වන දසුන් තරංග බණ්ඩාර යන අය ඇතුළත් විය.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ, සැකකරුවන්ගේ දුරකථන රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවයි.
එහිදී තුන්වැනි සැකකරුගේ දුරකථනයේ අගුල විවෘත කිරීමට අපහසු වී ඇති බැවින් ඒ සඳහා සහාය වීමට රජයේ රසපරීක්ෂක කාර්යාලය හමුවේ පෙනීසිටින ලෙසට ඔහුට නියෝගයක් නිකුත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.
මෙම සිද්ධියට අදාළව ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් ලබාගැනීමට උදෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත්, ඒ අනුව අදාළ උපදෙස් ලබන පෙබරවාරි 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිසිය වැඩිදුරටත් දැනුම්දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart