
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශීය ගමන් වියදම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු සොයන යූටියුබ්කරුවකු, ජනාධිපති ලේකම් කාර්යාලයේ නම්කරන ලද නිලධාරියා විසින් ඔහුගේ තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
ඔහු ඉල්ලා සිටින්නේ, පසුගිය මාස 12 තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දේශීය ගමන් සහ නවාතැන් සඳහා දරන ලද වියදම් පිළිබඳ තොරතුරු වේ.
ඉහත සඳහන් තීරණය සමාලෝචනය කිරීමට සහ ඉල්ලා සිටින තොරතුරු නිකුත් කිරීමට හෝ විනිවිදභාවය සහ පුරවැසියාගේ දැනගැනීමේ අයිතිය පිළිබඳ මූලධර්මවලට අනුකූලව සුදුසු මගපෙන්වීමක් ලබාදීමට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමේ මැදිහත්වීම ඉල්ලා සිටිමින් ජිනාත් ප්‍රේමරත්න නමැති යූ ටියුබ්කරු 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 32 වන වගන්තිය යටතේ ඊයේ මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.
ඉකුත් සැප්තැම්බර් 17 වැනි දින, ජනාධිපති ලේකම් කාර්යාලයේ නම්කරන ලද නිලධාරියා, එම තොරතුරු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ යූ ටියුබ්කරුවෙකු විසින් කරන ලද තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට තොරතුරු නිලධාරියා ගත් පෙර තීරණය තහවුරු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart