
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුරකථන ඇමතුම් ලබාදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තමා දූෂණය කළ පැරණි පෙම්වතාට අත්හිටවූ සිරදඬුවම් නොව සක්‍රිය සිරදඬුවම් ලබාදිය යුතු බවට 22 හැවිරිදි තරුණියක් එකහෙළාම අධිකරණය හමුවේ පවසා සිටීම නිසා චෝදනා වලට වරද පිළිගත් 30 හැවිරිදි තරුණ විත්තිකරුවකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේය.
එවකට 14 හැවිරිදි වියේ පසු වූ එම තරුණිය ඇගේ නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරිම හා දූෂණය යන චෝදනා යටතේ පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී, සිය සේවාදායකයා වරද පිළිගෙන කෙටි ක්‍රමයකින් නඩුව අවසන් කර ගැනීමට සූදානම් බවත්, ඒ සඳහා අවසර දෙන ලෙසත් විත්තිකාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥවරිය ද විරුද්ධත්වයක් නොදක්වූයෙන් මහාධිකරණ භාෂණ පරිවර්තක විසින් විත්තිකරුට සංශෝධිත අධිචෝදනා පත්‍රය කියවාදෙන ලදී.
එකී චෝදනා දෙකට තමා වරද පිළිගන්නා බව විත්ති කුඩුවේ සිටි විත්තිකාර තරුණයා අධිකරණයට පැවැසුවෙන් අධිකරණය ඔහු වෙන් වෙන්ව එකී චෝදනා දෙකට වරදකරු කළේය.
පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥවරිය කළ ඉල්ලීම අනුව නඩුවට අදාළ පාර්ශ්ව හැර අනෙකුත් සියලු පාර්ශ්ව අධිකරණ ශාලාවෙන් පිටතට යැවීමට නියෝග කළ විනිසුරුවරයා, අගතියට පත් තරුණියව විවෘත අධිකරණය හමුවට කැඳවා විත්තිකරු චෝදනා දෙකටම වරද පිළිගැනීම මත ඔහු වරදකරු බවට
තම අධිකරණය තීරණය කර ඇති බව පෙන්වා දී ඔහුට දඬුවම් නියම කිරීමට පෙර පැවැසීමට යමක් ඇති දැයි එම තරුණියගෙන් විමසා තිබිණි.
තමා අපේක්ෂා කරනුයේ එම තරුණයාට සක්‍රිය සිරදඬුවමක් පමණක් වන්නේ යැයි ඇය පවසා සිටීම නිසා එදින එම නඩුව සම්බන්ධයෙන් ගත් සියලු පියවර වහාම අවලංගු කළ විනිසුරුවරයා, එම තරුණයාට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂි විභාගයක් පැවැත්වීමට පියවර ගන්නැයි නියෝග කළේය.
එවැනි දූෂණ චෝදනාවක් ගොනුකර තිබියදී විත්තිය වරද පිළිගත් අවස්ථාවකදි වුවද වින්දිත තැනැත්තියගේ නිසි කැමැත්තකින් තොරව අධිකරණයේ අභිමතය පරිදි වන්දියක් නියම කර හෝ අත්හිටවූ සිරදඬුවම් නියම කිරීමට නීතිමය ප්‍රතිපාදන නොතිබීම නිසා අධිකරණය එලෙස නඩුවේ සාක්ෂි විභාගය පැවැත්වීමට නියම කළේය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart