
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඝානා රාජ්‍යයේ පැවැති 04 වැනි යොවුන් සංචාරක රූ රැජිණ (Miss Teen Tourism) තරගාවලියට සහභාගි වී, එහිදී ජයග්‍රාහිකාව බවට පත් වූ නෙළුනි සෞන්දර්යා ඊයේ (23) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියාය.
මෙම තරගාවලිය රටවල් 20ක තරගකාරියන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 01වැනිදා සිට 20 වැනිදා දක්වා ඝානා රාජ්‍යයේ අක්රා නුවර පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව පළමු වරට මෙම ජයග්‍රහණය හිමිකර ගැනීම ද විශේෂත්වයකි.
මෙම ජයග්‍රහණය රැගත් නෙළුනී සෞන්දර්යා ඊයේ (23) අලුයම 05.20ට ඩුබායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියාය.
ඇය පිළිගැනීම සඳහා මෙම තරගාවලියට ඇය යොමු කළ නෙක්ස්ට් ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනයේ ජාතික අධ්යක්ෂ චරිත් ගුණසේකර, එම ආයතනයේ සහෝදර නිරූපිකාවන් මෙන්ම ඇගේ මවුපියෝ ද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart