
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය පෙම්වතිය බැලීමට යමින් සිටි 31 හැවිරිදි තරුණයකු පැහැරගෙන ගිය බවට සැකකරන කුඩා වෑන් රථයක් හා ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
අප්‍රේල් 22 වැනිදා කුලියාපිටිය, වෙරළුගම ප්‍රදේශයේදී මෙම තරුණයා පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.
ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය එන්.ඩබ්ලිව්.පී.කේ. 0125 දරන සිල්වර් වර්ණයෙන් යුතු කුඩා වෑන් රථයක ඡායාරූපයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ එම රථය දුටුවහොත් කඩිනමින් පොලිසියට දැනුම්දෙන ලෙසය.
ඡායාරූපයේ ඇති වෑන් රථය දුටුවහොත් කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 0718591260 හෝ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති 0773528325 යන දුරකථන අංකවලට අමතන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සුසිත් ජයවංශ නමැති තරුණයා අතුරුදන් වී ඊයේ (01 දා)ට දින 11කි.
ඔහු ගැන මෙතෙක් කිසිදු තොරතුරක් දැනගන්නට නැතැයි ද පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart