
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ රාත්‍රියේ මින්නේරිය පොලිස් වසමට අයත් ගිරිතලේ ජනපදය නුගගහාදමන ප්‍රධාන මාර්ගයේ දි සිදූවූ රිය අනතුරකින් 21 හැවිරීදි තරුණයකූ මියගොස් තිබේ.
මෙම අනතුර ඊයේ රාත්‍රී 11.30ට පමණ සිදුව ඇති අතර, මළ ගෙදරක සිට තනිවම ඔහු මෙසේ පැමිණෙද්දී වංගුවක පිහිටි බෝක්කුවකට යතුරුපැදිය වැටී මරණයට පත්ව ඇත.
ඔහු අනතුරට පත්වූ යතුරුපැදිය මින්නේරිය පොලිසිය භාරයේ තිබෙන අතර සිද්ධිය පිළිබඳව මින්නේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
යතුරුපැදිකරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ වම්පස බෝක්කුවේ වැදී අනතුරට පත්ව තුවාල ලබා ඇති අතර, තුවාල ලබපු ලැබූ යතුරුපැදිකරු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම 1.30 ට පමණ මියගොස් ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ එදිරිසූරිය මුදියනසේලාගේ මධුර සේනාරත්න නමැති වයස අවුරුදු 21ක් වන, අංක 60, ජනපදය, ගිරිතලේ පදිංචි තරුණයෙකි.
ඔහුගේ මව විදේශ රැකියාවට ගොස් සිටින අතර නිවසේ සිට ඇත්තේ පියා, නැගණිය සහ ඔහු ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart